සාගරේ සේ ඔබේ ආදරේsaagaree see obee aadharee

Sagare Se Obe Aadare

ගී පද

සාගරේ සේ ඔබේ ආදරේ
පිරි යාවි සිතේ නිම් නොවේ
සන්සිඳෙයි වේදනා සැමදා වාසනා
මේ නොවේදෝ සැබෑ ආදරේ
සාගරේ සේ ඔබේ ආදරේ

සීත රෑකදී ඔබ හා සමීප වී
මුමුණා සෙනේහේ කියා
ගයමි අමා ගීතිකා //
මගේ සෙනේහේ ආරාධනාවේ 
ගීතේ ඔබේ ආදරේ
මේ නොවේදෝ සැබෑ ආදරේ

මා ඔබේ ලොවේ හිඳිමී සඳා රැඳී
වෙන්වී මිදිලා නොයා
සෙනෙහේ උදානේ කියා
දෑසේ ලියූ ඒ ආරාධනාවේ
ගීතේ ඔබේ ආදරේ

මේ නොවේදෝ සැබෑ ආදරේ
පිරි යාවී සිතේ නිම් නොවේ
සන්සිඳෙයි වේදනා සැමදා වාසනා
මේ නොවේදෝ සැබෑ ආදරේ
සාගරේ සේ ඔබේ ආදරේ