සාගරයකි ආදරේsaagarayaki aadharee

Sagarayaki Adare

සංගීතය:
පී. එල්. ඒ. සෝමපාලpii. el. ee. soomapaala
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

චිත්‍රපටය : ලස්සන දවසක් (1975)

සාගරයකි ආදරේ ගලා හැලෙන දියවැල් 
ඒ වෙරළෙහි ජීවිතේ තබා සිහින සටහන් 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...//

සාගරයකි ආදරේ ගලා හැලෙන දියවැල්  
ඒ දිය මත පාවෙවී සොයා සිහින දූපත් 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...//

හිරු ලෙස සඳු ලෙස තරු ලෙස දිලිහී මගේ නෙත් අහසේ 
පෙන්වනු මැන මට නොටුදුව ලස්සන හෙමිහිට රහසේ 
මිනිමුතු ලස්සන රන් දියමන්තී පල ඇති වේදෝ 
හිත කය නලවන ඔබ ලඟ ඇතිනම් අඩු මොනවාදෝ 
අත් වැල් දිදී මා ලඟින් ඔබ හිඳී නම් 
නෙත් අන්ධ වීලා තනි වුනත් කම් නැතේ මං 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...//

සාගරයකි ආදරේ ගලා හැලෙන දියවැල් 
ඒ වෙරළෙහි ජීවිතේ තබා සිහින සටහන් 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...//

ඔබ මගෙ සෙවනට එන දින සිත සිත අතැඟිලි ගනිමි 
අහසයි පොළවයි දවසක එක්වන බව මම දනිමී 
දෙතැනක පිපුනත් එක මල එක ලෙස සුවඳ බෙදාවී 
එක සිත ඇත්නම් බාධක දුහුවිලි විලස බිඳේවී
සිත් නෙත් පාවේ සාගරේ විලස වේ නම් 
කෙහේ රැල් වගේ ආදරේ මතු නොවේනම් 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...//

සාගරයකි ආදරේ ගලා හැලෙන දියවැල් 
ඒ වෙරළෙහි ජීවිතේ තබා සිහින සටහන් 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...//

සාගරයකි ආදරේ ගලා හැලෙන දියවැල්  
ඒ දිය මත පාවෙවී සොයා සිහින දූපත් 
(මා සමගින් එන්න යන්න ප්‍රේම චාරිකා)...////