සඳක් නම්sandak nam

Sadak Nam

සංගීතය:
H M ජයවර්ධනh m jayawardhhana
පද රචනය:
දයා ද අල්විස්dhayaa dha alwis

ගී පද

සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුනා 
කටු අගට ලස්සන නොදී ...//

පරෙවි තුඩකින් විලඳ දුන්නට
ගිරවියක වළදන්නේ නෑ
කඳුළු බිඳුවක රැඳෙන ගින්දර
හිනාවක් හඳුනන්නේ නෑ

සඳක් නම් ..../

පොළව උසුලන සියලු දුක සැප
අහස් තලයෙනි හිමිවුණේ 
පොළෝතලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ

සඳක් නම් .../