සදහට සින්න වෙලාsadhahata sinna welaa

Sadahata Sinna Wela

සංගීතය:
අශාන් ප්‍රනාන්දුashaan pranaandhu
පද රචනය:
නිසල් ප්‍රනාන්දුnisal pranaandhu

ගී පද

ඔබ අද මාගෙන් ඈත් වෙලා 
යන්නට ගියපු නිසා 
ආයේ ඔබ නම් එන්නෙපා මේ
හදවතේ ඉඩ සොයා 
ඔබ හට පවරපු ආදරේ සදහට සින්න වෙලා 
හිතක් පපුවක් නැති ඔබට මං 
ආදරේ කල නිසා 

(මම මැරුණු දවසකට බොරුවට ඔයා 
මා හට නිවන් සුව පතන්නට එපා...//)

කිසිදා සුව නොවෙනා වේදනාවෙන් පිරී 
අපායක් වෙලා මගෙ ජීවීතේ 
මැරි මැරී උපදිනා හිත මගේ පෑරිලා      
ඔයා දුන්නු ගින්දරින් පිච්චුනා 

(මම මැරුණු දවසකට බොරුවට ඔයා 
මා හට නිවන් සුව පතන්නට එපා...//)

අපගේ ආදරයත් කෙටි කතාවක් වගේ 
නිමා කරලා දැමුවේ ඔබමනේ 
ඔබෙ මුසා පෙම නිසා අතරමං උනේ මා 
ජීවීතයම ශාපයක් වෙලා

ඔබ අද මාගෙන් ඈත් වෙලා....

(මම මැරුණු දවසකට බොරුවට ඔයා 
මා හට නිවන් සුව පතන්නට එපා...//)