සදාදර නයෝ ඔබේsadhaadhara nayoo obee

Sadadara Nayo Obe

ගී පද

සදාදර නයෝ ඔබේ මංගල දිනේ
ඇරයුම් නැතත් මෙසේ ආවා ප්‍රියේ
හඬවන්නෙපා මා රිදවන්නෙපා
සුභ මංගලම් කියා පැතුවා සිතින්
සදාදර නයෝ ඔබේ මංගල දිනේ...

සිහිවෙයි අපේ පෙම් මතකේ එදා
කඳුලින් මගේ නෙත් වැසිලා ගියා
මනමාලියක් වී මධු මල් තොටිල්ලේ
දැක ගන්න ආසයි ආදර නයෝ ඔයා
සදාදර නයෝ ඔබේ මංගල දිනේ...

ආසිරි සිනාවන් මුවගේ රැඳේ
සෙනෙහේ දයාවන් නෙතඟේ මැවේ
සුරතේ වෙලීලා ඔහු හා බැඳීලා
අමතන්න ආසයි ආදර නයෝ ඔයා...

සදාදර නයෝ ඔබේ...