සදාකාලික නොවූ ලෝකේsadhaakaalika nowuu lookee

Sadaakaalika Nowu Looke

ගී පද

සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික ප්‍රේමයක්
සොයා නෙක ගම් දනව් පීරා
ගෙවූ කාලය සිහිනයක්

මගේ දුක දැක ඔබේ දෙනයන
උපන් කඳුලින් සේදිලා //
ඔබේ වත නොව ඔබේ හදවත
පුරා සඳ සේ පෑදිලා

සදාකාලික නොවූ ලෝකේ ...

එදා ලඟ සිට දුටුව ඔබ නොව
මෙදා දුර සිට මා දකින්නේ //
සදාකාලික නොවූ ලෝකයෙ
සදා කෙලෙසද පෙම් බඳින්නේ

සදාකාලික නොවූ ලෝකේ...