සද කුමාරි මාගේ මනාලිsadha kumaari maagee manaali

Sada Kumari Mage Manali

සංගීතය:
ඩැනිස‍්ටර‍් පෙරේරාdaenistar pereeraa
පද රචනය:
ධම්මික බණ්ඩාරdhhammika bandaara

ගී පද

සද කුමාරි මාගේ මනාලි 
තරු වරල උනා දමාවි 
රෑ කවුළු දොරින් එබේවි 
මට එන්න කියා කියාවි 
සද කුමාරි මගේ මනාලි..//

මං කව්ළුව හැර තබාවි 
ඇය සේල පලස එලාවි 
පිණි බින්දු බිමට වැටේවි 
මුතු මැණික් වගේ පෙනේවි 
සද කුමාරි මගේ මනාලි 

කළු වළාකුලක් ඇදේවි 
සද මුහුණු මුවා කරාවි 
මට හොදටම දුක හිතේවි 
රෑ එළිවෙනකම් හඩාවි 
සද කුමාරි මගේ මනාලි 

සද කුමාරි මාගේ මනාලි ...//