සඳ කියාලා රැවටුනා මාsanda kiyaalaa raewatunaa maa

Sada Kiyala Rawatuna

ගී පද

සඳ කියාලා රැවටුනා මා 
ඇස් දෙකේ නුඹ දැවටිලා
නෙතු පියාලා ඉන්න ඕනා
හිත මගේ නෑ කීකරු වෙලා 
පෙර භවේ මෙන් මෙදා
ඔබ මගේ හුස්මත් වෙලා 
හිත මගේ නවතින තුරා
ආදරෙයි මං ආදරෙයි...

සීතලේ ගුලිවෙලා
ඔබ දිහා නෙත් යවා
සොයනවා  ඇස් මගේ 
අහිමි නුඹ කෝ කීයා
ගියත් මා හැරදමා
ආදරේ සුව සොයා
ආවොතින් මගෙ වෙලා
ජීවිතේ ඇති තුරා...

නුබේ නමින් කවිලියා
රෑ පුරා ඉකි ගසා
තනිවෙලා ඉන්නවා
යලිත් නුඹ එයි කියා
ගියත් මා හැරදමා
ආදරේ සුව සොයා
ආවොතින් මගෙ වෙලා
රකිනවා පන ඔයා..

සඳ කියාලා රැවටුනා මා 
ඇස් දෙකේ නුඹ දැවටිලා
නෙතු පියාලා ඉන්න ඕනා
හිත මගේ නෑ කීකරු වෙලා 
පෙර භවේ මෙන් මෙදා
ඔබ මගේ හුස්මත් වෙලා 
හිත මගේ නවතින තුරා
ආදරෙයි මං ආදරෙයි...