ගී පද
සදා දිලෙන රන් මාලය ඔබ ගෙල වට පළඳා
මංගල සුබ නැකතින් ඔබ කැන්දන් එන දා
මල් හසරැලි ඔබගේ මුව මත විසිරේවා
මා පැතු ආදර ලෝකය මට හමුවේවා
පෙම් සිතුවිලි සපුරා ඔබ මට හිමි වෙනදා...
අපේම පොඩි කැදැල්ලකට අපි පිවිසෙන්නේ
සෙනෙහස උතුරන සෙවණක අප තනිවෙන්නේ
කවදාවත් නෑ මම ඔබ තනි කර යන්නේ
පිවිතුරු හැඟුමෙන් නිරතුරු ඔබ ළඟ ඉන්නේ...
සදා දිලෙන...
මට ඕනෑ නෑ මිහිරිය මුතු මැණික් රුවන්
ලෙන්ගතුකම පිදුවොත් ඇති ඔබේ හදවතින්
වෙනසක් නෑ කිසිදිනයක ඔබට නම් මගෙන්
මගේ සෙනෙහස ඔබ හට පමණයි හිමිවන්නේ...
සදා දිලෙන...