සැබෑ නොවෙන හීන saebae nowena hiina

Saba Nowana Heena

ගී පද

සැබෑ නොවෙන හීන හරි මිහිරි 
ක්ෂිතිජයක් සේ රවටලා  හිත
සිතින් විතරක් එක් වෙලා 
අතීතය දෝතට අරගෙන අපි 
අහස් ගඟටම විසි කලා 
සැබෑ නොවෙන හීන හරි මිහිරි...//

එදා අපි පියමන් කරපු මග 
වියලුවක ගී ඉතිරි වී ඇත 
එපා සුළගේ අරන් යන්නට ඔහේ තිබුනාවේ 
සැබෑ නොවෙන හීන හරි මිහිරි...//

පහන නිව්නා පහන් පැල මත 
ඒ සුවද තවමත් රැදී ඇත 
එපා සුළගේ අරන් යන්නට ඔහේ තිබුනාවේ  
සැබෑ නොවෙන හීන හරි මිහිරි...//