සැබෑ මූණ හංගාගෙනsaebae muuna hangaagena

Saba Moona Hangagena

ගී පද

සැබෑ මූණ හංගාගෙන
මූණු බැඳන් රෑ අඳුරේ
නටන නැටුම් කවදා හෝ
නටන්න වෙනවා එළියේ...

ඇත්ත මූණ ඇති සැටියෙන් 
පෙන්වා සිටියොත් පෙර සේ
ලැජ්ජා වෙන්නට කරුණක් 
ඇතිවෙන් නෑ කලේ...

(ඒකනේ කියන්නේ වෙස්මූණු 
බැඳන් හැමදාම ඉන්නට බෑ කියලා...)

බොරුවට ආයුෂ ඩිංගයි
ලබන දිනුම සුළු මොහොතයි
සඟවනු බෑ කිසිම දිනෙක
බොරුව උඩට ඉස්මතු වෙයි.....//

මැණික් කැටය වැනිය ඇත්ත
අගය අඩු නොවේ කවදත්
ඇත්තට ඇති තැන බොරුවෙන්
මකන්න බෑ සහතිකමයි.....////