සාවීsaawii

Saavi

සංගීතය:
ඉරාජ්iraaj
පද රචනය:
ඉරාජ්iraaj

ගී පද

නුරාවී ආශාවේ තෙමේවි මා ආයේ
සුසුමින් බැඳුණානේ ඈ වගේ නුඹ පෙනුණා
රූ නුඹේ මැව්වා සේයාවී පායාවී
මා පෙම් සාවී ඔය නෙතු දකිනා මා විකසිත වුණා
මා විකසිත වුණා ඈ ජීවත් වුණා දැනුණා
හදවත ගැහෙනා බව අමතක වුණා
මට අමතක වුණා මා මන්මත් වුණා සිතුණා.......

ඉපදී මා ආයේ ගිලුණම ඒ දෑසේ
නුහුරක් නෑ වාගේ ඈ වගේ නුඹ පෙනුණා
රූ නුඹේ මැව්වා සේයාවී පායාවී
මා පෙම් සාවී ඔය නෙතු දකිනා මා විකසිත වුණා
මා විකසිත වුණා ඈ ජීවත් වුණා දැනුණා
හදවත ගැහෙනා බව අමතක වුණා
මට අමතක වුණා මා මන්මත් වුණා සිතුණා.......

හදෙහි රැන්දු බිතු සිතුවමේ
හැමදා පෙනුණේ නුඹ වගේ
මා ඇත්තට කාටදෝ ආදරේ
මේ ලොවේ මේ ලොවේ 
ඔය නෙතු දකිනා මා විකසිත වුණා
මා විකසිත වුණා ඈ ජීවත් වුණා දැනුණා
හදවත ගැහෙනා බව අමතක වුණා.......

මගේ නෙතු දකිනා ඔබ විකසිත වුණේ
මා වෙනුවෙන් නොවේ මා වෙනුවෙන් නොවේ
සොඳුරේ හදවත පෑරුණු තැන් අමතක කළේ
මා අමතක කළේ ආදරේ හින්දානේ සොඳුරේ
ආදරේ හින්දානේ සොඳුරේ.........