සාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේsaadha thepul kohe giyaadha dheewathaawiyee

Saada Thepul Kohe Giyada Dewathawiye

ගී පද

සාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේ
සේද සිනා උඩු සුළගේ පාවෙලා ගියේ
හාද වෙලා උන්නු මතක නැතිද ඔබ ලයේ
ආදරයෙන් බලන්න එකම එක වරක් ප්‍රියේ

සුළු මොහොතක සුවය දිදී දැවටුනත් නෙතේ
සුන්දර බව කොච්චරක්ද ඉන්ද්‍රචාපයේ //
තරු කැකුළක් වී ඉන්නම් ඔබ සමීපයේ
සඳ සාවිය වී හිදින්න චන්ද්‍රා යහනේ .... චන්ද්‍රා යහනේ

 සාද තෙපුල් කොහෙ ගියාද දේවතාවියේ
සේද සිනා උඩු සුළගේ පාවෙලා ගියේ

පමා වෙනා වස්සානය නාවත් කම් නැතුවා
වැහි ලිහිනයනේ වඩින්න ගිම්හානය නොතකා //
පිණි කඳුලක් වී ඉන්නම් ඔබේ තනිය මකලා
පද්ම තටාකේ දිලෙන්න පියුමක් වී පිපිලා ....  පියුමක් වී පිපිලා ....