ගී පද

ස රි ග ම ප - ප ප ප - ධ ම රි
මා ගයන්නේ රංගනාවේ ගායනා
මේ නාරී - මනහාරී
මනහාරී - මේ නාරී
හද ආදරේහි අංගනාවි මා තමා.....

ආශා හිතේ - නාදෙ රැව් නගා
ජීවිතේ අහසේ - චන්ද්‍රා පායන්නා
ඒ චන්ද්‍රා - මා නේදෝ
ආලෝකේ - දැනුනාදෝ
පෙම් මාලිගාවෙ මන්දහාසේ මා තමා.....

මධු මී ඔබයි - ජීව කුසලානේ
ඒ නුරා පානේ - දෝතින් මා බොන්නේ
ජීවනයේ - වීණාවේ
පෙම් ගීතේ  -  ඔබ වේ නමි
මගෙ මංගලාවි දැන් ගයමි පෙම් ගායනා.....