රුවන් වලා විමානේruwan walaa wimaanee

Ruwan Walaa Wimaane

ගී පද

රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..//
දෝතින් ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ..//
රුවන් වලා විමානේ
සිරි යහනාවෝ දුටුවාදෝ..

මේ දෑත සීතල ඇයිදෝ...
මට පවසන්න කොඳුරා ලඳේ..
නෑ තාම උණුසුම කුමරූ..
යමු තනිවෙන්න මිටියාවතේ..
ළංවෙන්න ලඟ ඉන්න කුමරී..
විලවුන් විජිතේ මගේ වාසනා..

රුවන් වලා විමානේ...

කඳුයාය අතරේ සුහදේ..
පෙම් විහඟුන් පරාදීසයේ..
මධු චන්ද්‍ර ඇරයුම් ගයනා..
අර ඇසුනාද මනමාලියේ..
පවසන්න මට ලංව මුමුණා
මා පෙර නෑසූ පෙම් ගායනා..

රුවන් වලා විමානේ...