රුවන් තාරකාruwan thaarakaa

Ruwan Tharaka

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
කුමාරදාස සපුතන්ත්‍රීkumaaradhaasa saputhanthrii

ගී පද

(රුවන් තාරකා - නුවන් පායලා
හිඳින් හද‍වතේ රැඳී - වේදනා නිවා)...//

(නිසල රැයේ නැගෙන සඳේ
සිසිල වූ ඔබේ... 
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ)...//
නිබඳ මා වෙතේ...

රුවන් තාරකා - නුවන් පායලා
හිඳින් හද‍වතේ රැඳී - වේදනා නිවා

(තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ...
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ)...//
යොවුන් මාවතේ...

(රුවන් තාරකා - නුවන් පායලා
හිඳින් හද‍වතේ රැඳී - වේදනා නිවා)...//