රුව ඇති ලඳruwa aethi landa

Ruwa Ethi Landa

පද රචනය:
විකුම්ප්‍රිය පෙරේරාwikumpriya pereeraa

ගී පද

රුව  ඇති ලඳ ඔබ - මා රවටන්නට
වරමක් දෙමි මා  - සිත පහදා
මගෙ සෙනෙහස විඳ - පුළුවන් ඔබටම 
මා හට කරන්න - අනුකම්පා//

ඔබ මට කියන්න -  තරුවක් ගෙනෙන්න
රන්මිනි අබරණ - ගැනද අසා
මගෙ සිත තැලේද - නොසිතා අහන්න
පුළුවන් සැමදේ - ගෙනෙමි සොයා

රුව  ඇති........./

මිලයට විකුණන - සැමදේ යදින්න
සය ලෝකෙන් හෝ - ගනිමි සොයා
ඔබගෙන් ලැබෙනා -  අගයෙන් අනූන
ආදර සෙනෙහස -  දෙන්න සදා 

රුව  ඇති............//