ගී පද
රූස්ස ගහ ලඟ පාලු මාවතේ
කලුවර යාමේ කලු ගඟ අයිනේ...
කවුරුද ඈතින් මා අමතන්නේ
ඔබේ සුවඳදෝ සිත දැවටෙන්නේ...
එහා තොටෙන් ඔබ පාරුව පැදගෙන
මෙහා තොටට එයි මා හමුවන්නට...
දෙදෙනා පෙම් කල මේ ගං තොටුපල
සිහින නගරයකි ඔබ මා වෙන්කල...
පාරුව පෙරමෙන් ගඟ මැද පෙනුනා
පියවර හඬ මා අසලම ඇසුනා...
චායාවකි මෙය මායාවකි එය
සසර පුරා ඔබ ඈතට ඇදුනා...
රූස්ස ගහ ලඟ .../