රූරා (ආයේ මා තනී වීලා)ruuraa (aayee maa thanii wiilaa)

Rura (Aye Ma Thaniweela)

සංගීතය:
සංජුල හිමාලsanjula himaala
පද රචනය:
අනුෂ්ක ගුණසෝමanushka gunasooma

ගී පද

(රූරා ගලා සඳ කැන්
පාරා දවා මා නෙත්
පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්)..//

(ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ)..//

හදිසියේ මුනගැසුනු 
නෙත් කැළුම් රස මැවුනු
කිමිදී ඉපිලී ඒ නිල් දියේ 
මා සෙවූ ආදරේ…
නොලියූ කවියකි පද ලිහී

(ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ)..//

හිත දිගේ කිතිකැවුනු
පෙම් පැතුම් යලි මැවුනු
මුමුණා අමුනා හීන දෙහිතේ
අප සෙවූ ආදරේ…
නොපිපී කුසුමකි පෙති සැලී

(ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ)..//