රුං රුං හඬ දීලාrun run handa dhiilaa

Rung Rung Handa

පද රචනය:
ක්ලෝඩ් ද සොයිසාklood dha soyisaa

ගී පද

රුං රුං හඬ දීලා
හොඳම තැනක් බලලා
මුංඇට තරමේ මැටි ගුලි ගෙනල්ල
එක පිට එක තබලා
රන් කුඹලා උළුවස්සේ උඩ අපෙ
පුංචි ගෙයක් හැදුවා

පොඩි පොඩි කාමර වෙන්කෙරුවා
සංතෝසෙන් රුං හඬ දීලා
අද හෙට තව තව හැඩ වෙනවා
පැතුම් ගොඩක් ඇත හිත යට සැඟවීලා
රුං රුං හඬ දීලා

හදාපු ගෙය අම්මා දුටුවා
කොහු මිටකින් ඇනලා කැඩුවා
ඉකි බිඳ බිඳ කුඹලා හැඬුවා
කුඹලෝ උඹ මෙන් මමත් එදා හැඬුවා
රුං රුං හඬ දීලා

එහා ගෙදර පොඩි සුමනක්කා
එක්කල මම ගේකුත් හැදුවා
ඒකත් අම්ම ඇවිත් කැඩුවා
ඔයයි මමයි හැදු පුංචි ගෙවල් කැඩුවා
රුං රුං හඬ දීලා