ගී පද
රෝස රතදර සළකුනක් තියා
මාගේ කොපුල් තලාවේ
හීන කළඹන නළගනයි ඔයා
සේද හැගුම් කතාවේ...//
ස්වේත සලුවෙන් රණහසුන් වසා
නාරි ගමන් ලතාවේ
දෑස ඉගිකල ඒකවරක් පවා
ආයේ මතක් උනාවේ...//
සිහින ලියලන මුලු රැයක් පුරා
සයනේ පුරා වෙලී
දැහැන බිදලන ඉගි හැගුම් නුරා
නයනේ ගලා සැලී දෙතත් ඇති සිතුවම් මවා
දැනෙන මේ ආදරේ...
විදිමු මේ ආදරේ...
රෝස රතදර............