රෝස මලක් දුටුවමroosa malak dhutuwama

Rosa Malak Dutuwama

ඇල්බමය
rosa malak
පද රචනය:
චදිමාල් ප්‍රනාන්දුchadhimaal pranaandhu

ගී පද

රෝස මලක් දුටුවම සිහි වෙන්නේ ඔබව සුදා 
කොහෙද කියා ඔබ ඉන්නේ නෑ අනේ මේ මා දන්නේ දැන්...

සිහි වෙනවද ඔබටත් මාව මට සිහිවෙනවා වගේ 
යලි හමුවුණා ඔය සුදු මුහුණ 
දැක ගන්නට ඇති ආසාව කවදා ඉටු වේවිද 
සිහිනෙක සැංගී එනවද ගයන්නම් පෙම් ගීතේ 

රෝස මලක් දුටුවම... 

මට මතකයි වැලිබත් ඉව්වා අපි දෙන්නා අබුගානේ 
ඔබ හැමතිස්සෙ මා පසුපස්සේ 
ලුහුබඳිමින් වෙලී වලා දිව්වා කිරි බැබලෙන සඳ පානේ 
තවමත් එව්වා මගේ මතකෙන් නැහැ වෙන් වීලා

රෝස මලක් දුටුවම...