රෝස කුසුමක් පිපේවිroosa kusumak pipeewi

Rosa Kusumak Pipewi

ගී පද

රෝස කුසුමක් පිපේවි
රතු රෝස කුසුමක් පිපේවි
සොහොන් බිම මා වලදැමු තැන
රෝස කුසුමක් පිපේවි

ජීවිතේ කිසිදාක මෙලොවින්
ආදරේ දිය බිඳක් නොලැබුව
ගැහැනියක පෙර දවස විසු වග
පිපුණු ඒ මල කියාවී

රෝස කුසුමක් පිපේවි ....

මිලාන වූ සිරුරෙන් තැනින් තැන
ආදරේ සරණක් සිඟා ගිය
අන්ත අසරණ යුවතියක ගැන
පිපුණු ඒ මල හඬාවී 

රෝස කුසුමක් පිපේවි ....