ගී පද
රූ සිදංගනා...
මගේ රූ... සිදංගනා
රූ... සිදංගනා...
(මුව මදහාසේ නංවලා නෙතු රහසක් කීවා
මට පණවාගේ ලංවෙලා ඈ ඉන්නම් කීවා...//)
වින්දා ඇගේ පෙමින් මා මුදු පහසක් වින්දා
රන්දා මගේ ළඟින් ඈ පද දහසක් බැන්දා
රූ සිදංගනා
මගේ රූ සිදංගනා
කොහේදෝ ඉන්නේ හැංගිලා
ළඟ නෑ... නෑ...
සිදංගනා...
(තරු මල් වගේ ඉඟි කළා ඒ දෙනුවන් සදා
සිත හැමදාම හඬනවා ඇය ලැබෙනා තුරා ...//)
සිහිනෙන් ඇය ඇවිල්ලා හාදුවක් දීලා
ආයෙත් සැඟවී ගියා මට සිහිනයක්ම වීලා...
(රූ සිදංගනා
මගේ රූ සිදංගනා
ඇයිදෝ ඉන්නේ හැංගිලා
ළඟ නෑ... නෑ...
සිදංගනා. ..///)