ගී පද
චිත්‍රපටිය : දුහුළු මලක් (1976)
රෝ..මය ලෙසේ... අතීතයේ..
ගිනි ඇවිලේ ගිනි ඇවිලේ
යෞවන සිත් නගරේ
(වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගෙ අපී...//)
(තුන් යම පුබුදා ජීවිතයේ
කාලය පියඹනවා...//)
වැහි බීරුම දුටු ලිහිණින් වාගේ
කැළඹේ ලොව කැළඹේ
(වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගේ අපී...//)
රෝ..මය ලෙසේ.. අතීතයේ....
(ගිනි කඳු ලෝදිය ගැබ තෙරපී
ආවේගය පිපිරේ...//)
දුම් රේඛාවක් අවසන ශේෂව
ආශාවන් අළු වේ
(වෙණ වයා නැළවෙමූ
නීරෝ.. වගේ අපී...//)