ගී පද
රොබින් හුඩ් වගේ ලක්දිව පතල වුන නමයි
උතුවන් කන්දේ සූර සරදියෙල් මමයි
තරුණ පිරිස මේ මගෙ නම රකින අය තමයි
කඳුරට මැද්දේ රජ වුන සිංහයා මමයි
සූර සරදියෙල් මමයි....
සිංහල හාලේ බත කා වැඩුණු මේ ඇගේ
දහදෙනෙකුගෙ සිව් බල තනි මට තිබේ ඕ
පෙරමුණ ගන්නෙමි කඟවේනෙකු වගේ ඕ.....
කරදර මැද්දේ ගෙන යන ජීවන යුද්ධේ
සැනසුම දී මිහිර මවන ආදරේ ඕ
තංගම්මා මගේ කොමළ සාගරේ.....