රිදි රිදීridhi ridhii

Ridi Ridee

සංගීතය:
දීලුම් තේජනdhiilum theejana
පද රචනය:
අභිෂේකා විමලවීරabhisheekaa wimalawiira

ගී පද

යන්නම් මග හැරලා තනිවෙන්න ඉඩ දෙන්න නූරා
යළි බෑ එන්න හීනෙන් පවා අතින්වත් අත නොඅල්ලා
අපි කෝම බැඳුණාද මන්දා අතහරින්නෙම නෑ ඒ නිසා
(රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ......//)

ළඟ ඉන්නවා කියා දුර යන්න ඔබ ගියා
සඳ එළිය දෝ ආදරේ
මගේ හීන රැවටිලා ඇගේ හීන එළි වෙලා
යළි මල් පිපේවා ජීවිතේ
(රිදි රිදී සනහනා ආදරේ 
මැරි මැරී ඉපදෙනා ජීවිතේ......//)

සංසාර ආදරේ රහසේම මියැදුණා 
ඔහු මාව සිපගත් ඒ වෙලේ
අවසන් කවක් ලියා සුසුමන් අරන් ගියා
ඉකි බින්ද දෙනුවන් ඒ රැයේ.......
(රිදි රිදී සනහනා ආදරේ 
මැරි මැරී ඉපදෙනා ජීවිතේ......//)