රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලාridhena noridhdhena kammul awussalaa

Ridena Noriddena

ගී පද

රිදෙන නොරිද්දෙන කම්මුල් අවුස්සලා
කියඹු ලතා ඇයි මාව කොනිත්තලා
ආදර සැලසුම් සිහින නෙවෙයි කිසිදා
නේන්නෙ දෙව්ලිය පපුවේ හුස්ම තියා

මා ඇවිලිලා ඇ නිවෙනවා
ඇ ඇවිලිලා මා නිවෙනවා...

උනුසුම් දෙතොලේ හැඟුමන් කිතිකවලා
සඳ නැති රෑ තරු සියොලඟ කතා කලා
අත අත නෑරම නොනිදා පහන් කලා
නිදි නැති නදියක උනුහුම ඉපැද්දුනා

මා ඇවිලිලා ඇ නිවෙනවා
ඇ ඇවිලිලා මා නිවෙනවා...

උරහිසේ හිස තියන් ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ ඇවිලිලා....

මා නිවෙනවා...ඇ නිවෙනවා...
ඈ නිවෙනවා...මා නිවෙනවා...