රිදී පාට කල පා තුඩුridhii paata kala paa thudu

Ridee Pata Kala Pa Thudu

ගී පද

රිදී පාට කල පා තුඩු පයට පෑගිලා
නපුරුවී ඔයා මා සලලෙකුට සම කලා
සුමුදු මුදු දෙපා තුඩුවල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ලඟ හඬා වැලපෙනා

(විඳින වේදනා මදි මට නගයි චෝදනා
උහුලගන්න බැරි ගින්දර හිතේ ඇවුලුණා...//)
පිරී ඉතිරිලා ගිය බස් රථයෙ ගොඩ වෙලා
බලා උනිමි අසරණ වී කඳුලු සඟවලා

රිදී පාට කල පා.... 

(නොදැන ඔබ එදා මට බැන වදින්නට ඇති
ජාති ජාති වත් තරහක් මගේ නම් නැති...//)
එදා යුධ බිමේ මතකය ඔයා දන්නැති
සාදාකල්ම නොමියෙන රණවිරුවා මම වෙමි

රිදී පාට කල පා....