රැවටුනා නොවේraewatunaa nowee

Rawatuna Nowe

සංගීතය:
දිලීප තමෙල්dhiliipa thamel
පද රචනය:
සුජිත් ප්‍රියාන්sujith priyaan

ගී පද

ඇවිදින් මගක් ගෙවලා දුරක්
ආපසු හැරීයන්න දෝ ලංවුනේ
මේ හිටි ගමන් මේ හැටි තරම්
කා හින්දාදෝ වෙනසක් ඔබෙ මේතරම්

(රැවටුනා නොවේ හැමදාමත් වුනේ
විශ්වාස කල හින්දයි මට වැරදුනේ...//)

දෛවෙන් මං විඳවන්න තිබිලා ඇති
හමුවුයේ ඒ හින්දා වෙන්නැති ඔයා
පැතු හීන උඩු සුළ⁣ගෙ විසිරී ගියා
වෙන හිතක පැටලීලා ගියදා ඔයා

රැවටුනා නොවේ හැමදාමත් වුනේ
විශ්වාස කල හින්දයි මට වැරදුනේ

වෙනකාගෙ කිසිදාක වෙන්නෑ කියා
නැතිවාද දැන් මතක ඒකී කතා
මතකෙන් ගිලිහී මාගේ යන්නට ඔයා
නෙතු පියවී මා යන්න වෙයි මියැදිලා

ඇවිදින් මගක්.... 
(රැවටුනා නොවේ හැමදාමත් වුනේ
විශ්වාස කල හින්දයි මට වැරදුනේ...//)