රවටන්න එපාrawatanna epaa

Rawatannepa Ayemath

ගී පද

රවටන්න එපා ආයෙමත් කවුරුවත් 
ඉවසන්න බෑ මේ  තරම් කාටවත්
බැඳුනත් හොරෙන් කාගෙවත් හිත අරන්
සැනසෙන්න බෑ ඔබට මේ ආත්මේ නම්
පෙම් කල ඔබත් සමඟ විරසක නොවී
වැරදුනු තැනක් සොයමි මං ලත වෙවී//

උණුහුම්ද මන් දුන්න මගේ ආදරේ
සදහට තියාගන්න බැරිනම් හිතේ
සංසාරයක කඳුළු මන් ගාව තියලාම
හැම දාම නුඹ ඉන්න මගේ හීනයේ
සැනසුම සදා දෙන්න මේ ජිවිතේ

වරුවක් පුරා උන්නු දින සති ගෙවී
සසරක් පුරා පැතුව ඔබ අහිමි වී
පපුවක්  පුරා දැරුව සෙනෙහස දවා යන්න
මං ඉන්නවා තනිව මගේ මේ ලොවේ
උරුමය මෙයයි මාගේ මේ ආත්මයේ