ගී පද
(රතු රෝස මල් මැදින් සුවඳින් හිනැහෙමින්)...//
(දුකක් දෙන්නේ නෑ ඔයාට මේ හිතින්)...//
(පැතු හීන මල් පැතුම් බිඳුනට මගේ අතින්)...//
(මටත් ඉන්න බෑ දරාන ඒ දුකින්)...//
හිනාවෙවී උන්නු කාලේ මල්බර පින්නේ
කතා වෙවී මැව්ව හීනේ ලෙන්ගතු ඉවුරේ
කියා දෙන්න පෙර දා මතකේ නිල් නෙතු අතරේ
හිනා වෙන්න බැරි ඇයි ආයේ ඉස්සර වාගේ
(රතු රෝස මල් මැදින් සුවඳින් හිනැහෙමින්)...//
(දුකක් දෙන්නේ නෑ ඔයාට මේ හිතින්)...//
පමා වෙලා පිපුනත් සෙනෙහේ සුවඳයි බෝ සේ
තුරුල් වෙලා ඇවිදන් යමු අපි පෙර මල් පාරේ
ඔයා ඉන්න මගෙහිත ඇතුලේ එළියයි මිහිරේ
හිනා වෙලා ඉමු අපි ආයේ ඉස්සර වාගේ
(රතු රෝස මල් මැදින් සුවඳින් හිනැහෙමින්)...//
(දුකක් දෙන්නේ නෑ ඔයාට මේ හිතින්)...//
(පැතු හීන මල් පැතුම් බිඳුනට මගේ අතින්)...//
(මටත් ඉන්න බෑ දරාන ඒ දුකින්)...//