රතු රෝසrathu roosa

Rathu Rosa

ගී පද

රතු රෝස යායට පිනි පොද වැටි
තරුමල් යාය හිනැහේවී අඳුරෙන් එබී
මද සීත පවනැල්ල ඔබ එන්න හැමදාම
සුසුමේ වෙලි ඉන්න තුරුලටම වී

දුර ආකාසෙ තරු වැටෙන යාමේ අපි
පැතූ පෙම් සිහිනෙ නෙතු ළඟම එලිවෙන හැටි
මුළු  සංසාරේ මං වින්ඳ සෙනෙහස දැනී...මුතු
නෙතු දිය පෙමින් කොපුල් මත වැහුනි... 

රතු රෝස යායට......

මම මගෙ නළල ඔය නළල මත තද කරන්
දෙදෙනා නෙතු මතින් දුටුව මතකය අරන්
මුළු සසරෙ පතන් ආව භව දැන ඉතිං
හැම දා මා ඔබේ වෙන්න පතමි ඉතිං

රතු රෝස යායට......