රතු එලිrathu eli

Rathu Eli

සංගීතය:
නිමන්ත කලුආරච්චිnimantha kaluaarachchi
පද රචනය:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

ගී පද

(රතු එලි වීදියේ මා අභිසාරී ලඳක් නම් 
කැරෝකේ ශාලාවක මා රඟනා ලියක් නම්...//)
ඔබ මට නම් මීට වඩා පෙම් කරාවී ආදරෙන් 
රන් මුදුවට බැරි දේ නම් බොහොමයි 
රතු එලි වීදියේ මා අභිසාරී ලඳක් නම්

අප ආදර ගීතේ 
අවසානය මේ නම් 
මා නම් නොබැඳෙමි කිසිදා 
ඔබ හා ජීවිතෙන් 
අප ආදර සැමරුම් 
බොඳ වේවී බහකින් 
නුඹගේ ලෝකය තුල මා 
මතකයන් පමණයි  

රතු එලි වීදියේ මා අභිසාරී ලඳක් නම් 
කැරෝකේ ශාලාවක මා රඟනා ලියක් නම්
ඔබ මට නම් මීට වඩා පෙම් කරාවී ආදරෙන් 
රන් මුදුවට බැරි දේ නම් බොහොමයි 
රතු එලි වීදියේ මා අභිසාරී ලඳක් නම්

නෑ කිසියම් වරදක් 
මේ කිසි ලඳකගේ නම් 
වරදෙහි හිමිකරු ඔබමයි 
මේ ඔබේ කඳුලයි 
ලොව බිරිඳක් වේ නම් 
මා වැනි තනිකම හිමි තැන් 
තනියට නොහාඬන් කිසිදා 
මේ ඔබේ ගීතයයි

රතු එලි වීදියේ....