ගී පද
රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ
මට ඔබේ කුරිරු පිටුපෑම නොපෙනෙන්න නම්
දිළිදු මේ අන්ධ නෙත් වාසනාවන් ළදේ
රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ
ලොවක හිරුඑළිය සඳ පහන දැකගන්න හෝ
උරුම පින් මහිම නැති මාවගේ අන්ධයෝ
කිමද නෙතු දිලෙන අගනුන්ට බැන්දේ සෙනේ
ඔබ නොවෙයි ළදුනි මා අතිනි වරදක් උනේ
ලොව පෙනී ඔබද ලොව අඳුරු මට පෙම් බැදී
උන්නු ඒ යුගය අවසන්ද මගේ ලොව බිදී
රත්තරන් පෙම් පුරාණේ සිතුවම් මකා
යන්න මගෙ අන්ධ නෙත් තාම නොපෙනේ ළදේ
තේජ අසමාන බලධාරි දෙවියන් පවා
දෑස නැතිවුන් රකින්නේද සැනසුම් දෙවා
දෑස ඇති අයට පමණක්ද උරුමේ සෙනේ
ළදුනි ආදරය අඳ අපට නැතිදෝ අනේ
ලොව පෙනී ඔබද ලොව අඳුරු මට පෙම් බැදී
උන්නු ඒ යුගය අවසන්ද මගේ ලොව බිදී
රත්තරන් පෙම්..//