රත්තරන් නෙත් දෙකෙන්raththaran neth dheken

Raththaran Neth Deken

පද රචනය:
කුලරත්න අරියවංසkularathna ariyawansa

ගී පද

රත්තරන් නෙත් දෙකින් - සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝතැවුල් - නිවන්න රත්තරන්...//

තාරකා සිනා දැලේ - රන්කැලුම් දිගේ
ආදරේ ගලා හැලේ - සිහිනයක් වගේ
පාලුවේ වෙලී - හඬාවැටෙද්දි ජීවිතේ
මා දිහා ලඟාව ඉන්න - රත්තරන් මගේ

රත්තරන් නෙත් දෙකින් ...//

මාරුතේ හමා වනේ - මල් උයන් දිගේ
පාවෙනා වලාකුලේ - සිසිලසක් වගේ
වේදනා නිවී ඔබේ - සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නගාවි - සෙනෙහසින් හදේ

රත්තරන් නෙත් දෙකෙන් ...//