ගී පද
රාත්‍රී ඔබ - ගෙවී යන්නට කලින්
තාරකා මල් ඇහිඳිනා
කින්නරාවිය නිවන්
ඇවිලෙනා සිතැඟි ඈ
සිහිල් සඳ වතුරෙන්
ලියා මඩුළු යහනේ
සුරා සඳ වැතිරිලා
පුරා මී බිඳු පොපියනා
රන් තඹර විල - ස්වර්ණ හංසිය
නිදි වරයි
දුහුළු මඳ පවනේ
තුරු පතා මල් සලයි
විහඟ වියවුල් නතර වූ
සුසුම් උනුසුම් රෑ පුරා
ඈ ඉකිබිඳියි