රතැගිලි නලියන ගිම්හානේrathaegili naliyana gimhaanee

Rathagili Naliyana Gimhane

ගී පද

රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ //
අපේ ලොවේ .... අපේ ලොවේ ....
අපේ ලොවේ .... අපේ ලොවේ ....
පායා පායා එන්නේ රිදී වලා
ගයන්නේ පෙම් ගී රඟන්නේ බඹරිඳු
අරන්නේ මල් හසරැල්

තරු කැලුම් ගත දැවටිලා හිතට
සඳත් හොරෙන් එබිකම් කළා
මලක් පිපී සැලෙනා පෙති කුමටද
අපට පවන් කළේ

රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ //

අහස් ගඟ කැළඹුණා අපේ ලොව
සතුට උතුරා ගලා සිහිනයේ සරා
මල් වනේ පියඹලා 
සිතුවිලි උදම් කළා

රතැගිලි නලියන ....