රට කරවන්ට නම්rata karawanta nam

Rata Karawanta Nam

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

රට කරවන්ට නම්...
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ...

දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුනාගෙන සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය...

රට කරවන්ට නම්...

හොටන් තැන්න දී ක්‍රීඩා පිටියකට
පවරා සිංහරාජය ලී මෝලකට
දුංහිද ඇල්ල හරවා ජල විදුලියට
සමනල කන්ද බදු දෙමු හෝටලයකට...

රට කරවන්ට නම්...