රස මිහිරි කතාrasa mihiri kathaa

Rasa Mihiri Katha

සංගීතය:
තිලක් කරුණාතිලකthilak karunaathilaka
පද රචනය:
විමලදාස පෙරේරාwimaladhaasa pereeraa

ගී පද

රස මිහිරි කතා
රස මිහිරි කතා සිඟිති සිනා
සුදාගෙ මුහුණේ
අද නම් හොඳටම පාට වැටී
පුන්සඳ වාගේ

මල් කැකුළු පිපී
මල් කැකුළු පිපී පුබුදු උනා
වසන්ත කාලේ
අද පෙම් යුවලක් එකතු කළා
ස්ථිර ආලේ

(ලැබුනා මට ජීවිත මිහිරේ
මා සතු කොමළී
කිසිදා නැහැ ආදර සයුරේ
බාධක හමුවී...//)

රස මිහිරි කතා
රස මිහිරි කතා සිඟිති සිනා
සුදාගෙ මුහුණේ
අද නම් හොඳටම පාට වැටී
පුන්සඳ වාගේ

මල් කැකුළු පිපී
මල් කැකුළු පිපී පුබුදු උනා
වසන්ත කාලේ
අද පෙම් යුවලක් එකතු කළා
ස්ථිර ආලේ

(සුදු මාල ගොතා ගෙල වට
සොඳුරිගෙ පළදාලා
ආදරය රසය පෙන්නා
පෙම් මල් පිබිදීලා...//)

රස මිහිරි කතා
රස මිහිරි කතා සිඟිති සිනා
සුදාගෙ මුහුණේ
අද නම් හොඳටම පාට වැටී
පුන්සඳ වාගේ

මල් කැකුළු පිපී
මල් කැකුළු පිපී පුබුදු උනා
වසන්ත කාලේ
අද පෙම් යුවලක් එකතු කළා
ස්ථිර ආලේ