ගී පද
මූනිස්සම වැදුනේ කෙලින්ම හද මැද්දේ
ආලේ බැද්දේ
පෑගුන මද්දේ
මේ හඳුන්පොත ගැහෙයි දැන් නුඹේ නමට සද්දෙන්
මේ පිළිවෙල ඔයා නිසා
කලින් මං වැද්දෙක්
ඔය ඇස්
කිව්වා දාස් ගනන් කතන්දර හමු
වෙද්දි මගේ දෑස්
හිතේ නෑ හිදැස්
ලිව්වා නිසදැස්
හිරි වැටී නෙත ගැටී
නුඹේ මදහාස්
සසඳනු කෙලෙස නුඹ කාට
හඳේ තිබ්බත් නුඹේ නෑ ආවාට
කවුරුත් ගියාට ආවාට
ඔයාට දුන්නු තැන නම් දෙන්නෙ නෑ වෙන කාටත්
ඒයි..
නුඹ බින්ඳා මගේ නින්ද
ප්‍රේම අසිපතින් දුකෙහි ගෙල සින්ද
ආලේ අන්ධයි නොදනිම්ද
රැප් මල්සරා කෙල්ලෙ තිතට හීය විද්ද මා
{කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා (බැල්මෙන් නුරා)
ගින්නක් මේ හිත පුරා (හිත පුරා)
මත් වෙන්නෙ හීනේ සරා (හීනේ සරා)
මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම} //
ඉස්සුවට ගනන් නෑ කාරී (කාරී)
නවතින්නෙ කරන් මං භාරි (භාරි)
හැඩම ඔයාට කෙල්ලෙ සාරි
ගිනි තියලා හිතම යන්නේ රැවනාරී
තියන්න බෑ කාවත් ඔයා ගාවින් ඇත්තටම
ඔව් ඇත්තටම
සින්නක්කරම ලිව්වා හිතේ අක්කරම ගානක්
හීන කන්දක් හිත අස්සෙ කෙල්ලෙ පැක් කර මං ආයෙ
ඔයා..
හැරිලා බලද්දි වගේ දීපිකා
අල්ලගෙන පපුව වැටුනා වගේ ශාරුක්
ළඟ ගෙවෙන මො..මොහොතත් මීවිතක්
ඉඟි මරන නෙත් දැක හිත නැහැ වාරුත්
ඩොලර් එක වගේ වෙන්නෑ ආලේ අඩුවක් නම්
දිනෙන් දිනම වැඩි උනොත් මිසක බිඳුවක්
මං යද්දි පය ගහලා පොලවේ තනි ගමනක්
කෙල්ලෙ
අවසිහියයි සිහියයි පැටලෙද්දි නඩුවාක්
{කෙල්ලෙ ඒ බැල්මෙන් නුරා (බැල්මෙන් නුරා)
ගින්නක් මේ හිත පුරා (හිත පුරා)
මත් වෙන්නෙ හීනේ සරා (හීනේ සරා)
මෙතුවක් නොලැබුනු ආලේ ලැබෙන තුරුම} //