රාණී එන්කෝraanii enkoo

Rani Enko

ගී පද

රාණි එන්කෝ නැගී මපෙම් - රාජයා උනීය මා ලොවේ උතුම්
ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් - රාණි හා විඳින්න ලෝ සැපේ උතුම්

ඕ.... සීතාවේ ඔය උතුම් වූ ප්‍රේමයේ
ඕ..... රාම රාජයා ඔබයි මගෙ ප්‍රියේ
රාවණා පරාද වී ගියා ඔබෙන් - රාණී එන්කෝ නැගී මපෙම්
ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් - රාණි හා විඳින්න ලෝ සැපේ උතුම්

ඕ....ප්‍රේමයේ සුළං වැදීලා මාලතී
ඕ.....පුෂ්පයා නැගී ශ්‍රියාව නෑවෙන්නේ
ප්‍රීති වී ගී ගයයි සෑම හා කියන් - රාණී එන්කෝ නැගී මපෙම්
ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් - රාණි හා විඳින්න ලෝ සැපේ උතුම්

ඕ... මා ඔබේය ජීවිතේ පුරා ප්‍රියේ
ඕ....ඔබ මගේය නෑ සැකා විවාහයේ
ප්‍රේමේ පුදා ජීවිතේ රකිමි - රාණී එන්කෝ නැගී මපෙම්
ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින් - රාණි හා විඳින්න ලෝ සැපේ උතුම්