රන් ගිර මාran gira maa

Rangira Ma

සංගීතය:
මහින්ද බණ්ඩාරmahindha bandaara
පද රචනය:
බන්දුල නානායක්කාරවසම්bandhula naanaayakkaarawasam

ගී පද

(රන් ගිර මා, ඔබ එගිර සිඹින හිරුට සමානා...
පන්හිඳ මා, ඔබ එයින් ගෙතෙන ගීය සමානා...//)

රන් ගිර හිස හිරු හිනැහෙත 
එළියෙන් මුළු ලොව දිදුලත 
නමුදු හිරුට ළං වන්නට
වරම් නොමැතියේ
ඉරෙන් ලොවක් එළිවනු දැක
මසිත බැබලියේ

රන් ගිර මා, ඔබ එගිර සිඹින හිරුට සමානා...
පන්හිඳ මා, ඔබ එයින් ගෙතන ගීය සමානා....

පන්හිඳ ගෙතු ගී ගැයුවෙත 
මිහිරෙන් තුන් හිත නැහැවෙත 
නමුදු ගීය දුන් මිහිරට 
උවම් නොමැතියේ
එයින් ලොවක් සැනසෙනු දැක
මසිත නැලවියේ

(රන් ගිර මා, ඔබ එගිර සිඹින හිරුට සමානා...
පන්හිඳ මා, ඔබ එයින් ගෙතන ගීය සමානා...//)