ගී පද
රංචු ගැසෙන කොලු රෑනේ සිංදු කියන
නුඹේ ළඟදි විසේ කරල බැනුම් අහන
පෙම්වතා මමයි
අහංකාර නුඹේ හිතේ කෝඩුකාර
පෙම්වතා මමයි //
කාන්සියට කවිත් ලියන
හිතුන විටදි බණත් අහන //
දුක හිතුනම හොරෙන් අඬන
පෙම්වතා මමයි .... පෙම්වතා මමයි
රංචු ගැසෙන ....
ඉඳල හිටල රංඩු කරන
නුඹෙ කඳුළට හිතින් හඬන //
නුඹ නැතිවම බැරි නුඹේම
පෙම්වතා මමයි .... පෙම්වතා මමයි
රංචු ගැසෙන ....