ගී පද
රණබිම මැරැණේ සිංහලයකු නම්
පපුවේ වෙඩි සලකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරැණේ නෑ
ලේ පැල්ලම් නෑ පිටපැත්තේ
මවිබිම ජය ගනු බැරිනම් මරණය
දෙකෙන් එකක් මින් ජය ගන්නේ
මිහිකත සිටගෙන මියගිය ඇත්තොයි
සුර පුරයට කැඳවා ගන්නේ
මල් යහනාවක් මත වැතිරෙන්නට
හෙළවිරැවන් හට උරුම නැතී
කිසිදා නොපිපෙන මල් පිබිදේවා
විරැවන් මළ රණ බිම මත්තේ