රණබිම ජයගත්ranabima jayagath

Ranabima Jayagath (Cricket Song)

සංගීතය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
පද රචනය:
සරත් කුමාර පෙරේරාsarath kumaara pereeraa

ගී පද

ශ්‍රී ලංකා...//////

රණබිම ජයගත් වීර පරපුරේ//
කෙළිබිම සවිමත් කරන සුරුවනේ//
ජය දද නැගෙනා මොහොත මේ අපේ//
ජය ජය ජය ජය ජයම ඔබම වේ//

පිටිය සිසාරා පන්දුව ඇදෙනා 
කෙළිබිම මැද සිහ නද ඇසුණා//
ලොව දස දෙස කිතු ගොස නගනා 
හෙළයේ සුරු විරුකම් දිලෙනා 

පන්දුව පිත්තෙන් දස්කම් පානා 
දේශයේ අභිමානය පෙන්වා//
කේශර සිහ රද රැලක සූරකම් 
ක්‍රිකට් ලොවේ ජය බිම තනනා 

රණබිම ජයගත්...