ගී පද

රණ මොණරෝ//
රන්වන් රන් රණ මොණරෝ...

ලස්සන බෙල්ලන් නිල් පාටයි 
හැඩ ඇඟපත නිල් පාටයි 
ඔය පියාපතුත් නිල් පාටයි 
මොණරෝ ඔබ පින් පාටයි...

මහ වනන්තරේ කුරුල්ලන්ගේ 
ඔබ නැටුම් රජා වාගේ 
ඔය ලස්සන ඇඳුම ඔයාගේ 
කව්දෝ මහලා දුන්නේ...

සමහර විට අපි දුටුවොතින් 
ඇයි නටන්නේ හැඩ පාමින් 
ඔබ නටන්න ගීත ගයන්නම් 
ඔබේ මිතුරිය මා වෙන්නම්...