රෑණ ගිරා ජෝඩුවයිraena giraa jooduwayi

Rana Gira Joduwayi

සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
ධර්මසිරි ගමගේdhharmasiri gamagee

ගී පද

චිත්‍රපටය: රෑන ගිරව් (1967)

රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි
රෑණ ගිරා ජෝඩුවයි

වනන්තරේ වෙනසක් නෑ - පෙමි සිතුවිලි පෑදේ
පෙමි සිතුවිලි පෑදේ
හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදේ
රෑණ ගිරා ජෝඩුවයි

වන රේඛා මැද - සීතල හෙවණේ
අත් වැල් බැඳ යන - ආදර ගමනේ
හුරතල් දැනිලයි - දුක් ගිනි නිවුණේ
සිනහ කුසුමි තොල් - පෙති අග පිපුනේ

රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි
රෑණ ගිරා ජෝඩුවයි

මල් පෙති උඩ පෙම් - සෙවණැලි ඇඳිලා
දිය රැළි ඒ දැක - එබිකම් කරලා
කඳු මුදුනේ සිට - පහළට පැනලා
විහිළු කරයි මේ ජෝඩුව දැකලා

රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි
රෑණ ගිරා ජෝඩුවයි

වන රේඛා මැද.... 

රෑණ ගිරා ජෝඩුවයි - හාද වෙලා ආදරෙයි
රෑණ ගිරා ජෝඩුවයි