ගී පද
රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සළකුණ ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ...//
මව් බිම ජයගනු බැරි නම් මරණය
දෙකින් එකකි මින් ජය ගත්තේ
මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි
සුරපුරයට කැඳවාගත්තේ...
රණ බිම මැරුණේ....
මල් යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමිදෙන මල් පුබුදිනවා
විරුවන් මළ රණ බිම මත්තේ...
රණ බිම මැරුණේ....