රන් යායේ රිදී නිම්නේran yaayee ridhii nimnee

Ran Yaye Ridi Nimne

ගී පද

රන් යායේ රිදී නිම්නේ
ඇගේ රුව පාවෙන්නේ
ඒ දෑසේ රිදී රේඛා
මා නෙත යාවෙන්නේ //

සීත රෑක මාගේ දෑත ඒ මුදු දෑතේ බැදුනාවේ
ඈත ලෝකේ ප්‍රේම ගීත මා සිත වෙළුනාවේ
නීල දෑස ආදරේක මල් මදහාසේ බැදුනාවේ
වාසනාවේ චේතනාව මල්පල ගැනුනාවේ

රන් යායේ ....

ප්‍රේම දාමයේ වෙලෙන්න ඈ කොයි ලොවකින් ආවාදෝ
මා හැඟුම් වශී කරන්න ඒ ගී ගැයුවාදෝ
මීවිතේ අමා හොවාලා ඈ මා සුරතේ තැබුවාදෝ
ආදරේ සොයාලා ආව ඈ සුර අඟනක් දෝ

රන් යායේ .... //